April 20, 2026

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අනුර කරුණාතිලක, බලශක්ති අමාත්‍යවරයා ලෙස ද පත් කර තිබේ.

ඒ අනුව ඔහු අද (20) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති මාධ්‍ය අංශයට අනුව එම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමාරනායක ද සහභාගී විය.

අප්‍රේල් 17 වැනිදා හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ බලශක්ති අමාත්‍ය ධුරය සඳහා අනුර කරුණාතිලක මෙලෙස පත් කර තිබේ.