
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන රැළියකදී කරන ලද ප්‍රකාශයෙන් සිදුවූ අපහාසයට රුපියල් බිලියන දහයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ට එරෙහිව පැවරූ නඩුව දෙසැම්බර් 20 වැනි දින කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න ඊයේ (09)දින නියම කළේය.
අනුර දිසානායක සිය නීතිඥ සානිකා සිල්වා මගින් මෙම නඩුව ගොනුකර තිබිණි.
2023 අගෝස්තු 19 වැනි දින මැද කොළඹ පොදුජන එක්සත් පෙරමුණ සංවිධානය කළ මහජන රැළියකදී සිදු කළ ප්‍රකාශයකින් මෙම අපහාසය හා අපකීර්තිය සිදුවූ බවත්, එමගින් සිදුවූ හානියට විත්තිකරුවන්ගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා මෙම නඩුව ගොනුකර තිබේ.
නඩුවේ විත්තිකරුවන් ලෙස සාගර කාරියවසම් සහ අදාළ ප්‍රකාශය ප්‍රචාරය කළේ යැයි කියන පෞද්ගලික රූපවාහිනී නාලිකාව නම් කර ඇත.
පැමිණිල්ලේ කරුණු සළකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා විත්තියේ උත්තර දෙසැම්බර් 20 වැනි දින ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart