කෙන්‍යාවේ අධිකරනයක් විසින් ඊයේ දිනයේදී (2026-04-15) එරටින් නීති විරෝධීව කුහුඹු රැජිනන් 2200ක් සජීවීව අපනයනය කිරීමට තැත්කල චීන ජාතිකයෙකුට එරට මුදලින් ශිලිං මිලියනයක දඩ්‍යක් සහ වසරක සිර දඬුවමක් නියම කරන ලදී.
මීට කලින් පුද්ගලයන් සතර දෙනෙකුත්,බෙල්ජියානු ජාතිකයන් දෙදෙනෙකුත් මෙසේ සජීවී කුහුඹු රැජිනන් නීති විරෝධීව අපනයනය කිරීමට තැත් කිරීමේදී කෙන්‍යානු බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන නඩු පවරන ලදුව ඒ සියලු දෙනාටමත් ශිලිං මිලියනයක් බැගින් දඩ නියම කර තිබේ.
මෙම සිද්ධීන් හුදෙකලා සිදුවීම් නොව මේ වන විට ලොවේ නවතම වනජීවී ජාවාරමක් වන කුහුඹු ජනපද ඇතිකිරීමේ විනෝදාංශය වෙනුවෙන් කෙරෙන නීති විරෝධී අපනයනය පිලිඹඳ හෝඩුවාවන් වේ.විශාල පාරදෘශ්‍ය බඳුන් (Formicariums) තුල කුහුඹු ජනපද ඇතිකිරීම සහ ඔවුන් පෙන්වන චර්‍යාවන් නිරීක්ශනය කිරීමේ විනෝදාංශය මේ වන විට චීනයේ ඇතුලු ආසියානු රටවල් වල මෙන්ම යුරෝපයේ ඇතැම් රටවලත් වැඩි වෙමින් පවතින්නකි.
මේ විශාල ඉල්ලුමට අවශ්‍ය කුහුඹුවන් ලබා ගන්නේ වර්ශා කාලයේදී පිටතට පැමිනෙන කුහුඹු රැජිනන් එකතු කිරීම මගිනි.මෙවන් එක් කුහුඹු රැජිනක් ඇති කරන්නෙක් වෙත අලෙවි කෙරෙන්නේ ඩොලර් 220 වැනි මුදලකට වේ.මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ මෙම වනජීවී ජාවාරම එහි නියුතු වූවන්ට කොතෙක් විශාල ලාභයන් ලබා දීමට සමත් වේද යන්නයි.
ශ්‍රී ලංකාවේ කුහුඹුවන් පිලිඹඳව පර්‍යේශන සිදු කෙරී තිබෙන්නේ ඉතා අඩු වශයෙනි.නමුත් 2019දී නිකුත් වූ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව පැතිකඩට (biodiversity Profile-Sri Lanka) අනුව ශ්‍රී ලංකාවෙන් කුහුඹු විශේශ 229 හමුවේ.මේ අතුරින් විශේශ 33ක් ශ්‍රී ලංකාවට ආවේනික විශේශයන් වේ.එමෙන්ම ජාතික රතු දත්ත ලේඛනයට (National Red Data List) අනුව මින් විශේශ 12ක් වඳවීමට අත්‍යාසන්න තත්වයේත්(Critically Endangered)(CR),විශේශ 19ක් දැඩි ලෙස තර්ජිත තත්වයේත්(Endangered)(EN),විශේශ 15ක් වඳවීමේ තර්ජනයට පාත්‍රී තත්වයේත් (Vulnerable(VU) තිබේ.එනමුත් මේ සංඛ්‍යාවන් පිලිඹඳව සෑහීමකට පත්විය නොහැක්කේ තවත් විශේශ 106ක් පිලිඹඳව දත්ත අඩුකම (Data Deficient)(DD) නිසා තර්ජිත තත්වය තක්සේරු කර නොමැති වීම නිසාය.
ශ්‍රී ලංකාව කුහුඹු ජාවාරමේ ගොදුරක් වී නොමැති මුත්,ඉහල කුහුඹු විවිධත්වය මෙන්ම ආවේනික විශේශ සිටීමත් නිසා අනාගතයේදී එසේ වීමේ ඉඩකඩ කිසිසේත් බැහැරකල නොහැක්කකි.ශ්‍රී ලංකාවේ නීතිමය තත්වය අනුව මෙම ජාවරම නීති විරෝධී වනවාක් මෙන්ම ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවත් පැවතීම යම් පමනකට හෝ සැනසිලිදායක තත්වයක් මුත්,මේ ජාවාරමට මෙරට නතු නොවී තබා ගැනීමට ප සැම විටම විමසිලිමත්ව සිටීම අතිශයෙන් වැදගත් වන්නකි.
ඡායාරූප මූලාශ්‍රය:SkyNews
(පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධනගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදී)