
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආන්දෝලනාත්මක ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ලබන ඔක්තෝබර් 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව එදින සිට දින 14ක කාලයක් ඇතුළත මෙම කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට පුරවැසියන්ට හැකියාව පවතී.
මෙම කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට බව මේ වන විටත් පාර්ශව කිහිපයක්ම සුදානමින් සිටින බව වාර්තා සඳහන් කරයි.
2023 සැප්තැම්බර් 15 වැනි දින ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයද රජයෙන් ඉල්ලා ඇත.
මෙම පනත් කෙටුම්පත ජනතාවගේ නිදහසට බරපතළ ලෙස බලපාන බවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතළ බලපෑමක් ඇති කරන බවත් පසුගිය සෙනසුරාදා (23) පැවැති නීතිඥ සංගම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart