
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ඇන්ටනොව්-124 ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කඳවුරට ඊයේ පැමිණ තිබිණි.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාම සාධක කණ්ඩායමේ MI-17 හෙලිකොප්ටරයක් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් පැමිණි එම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පිළිගනු ලැබ තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වසරේ සිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක මෙහෙයුම්වල සක්‍රීයව නියැලී සිටී.
එම සාම සාධක මෙහෙයුම්වලට සහාය වීම සඳහා MI-17 හෙලිකොප්ටර් යානා තුනක් යොදවා ඇත.
එම හෙලිකොප්ටර් යානා තුනෙන් එකක අලුත්වැඩියාවක් ඇතුළුව ප්‍රධාන නඩත්තු කටයුතු සඳහා එය රැගෙන ඒමට අවශ්‍ය වී තිබේ.
ඒ අනුව ඇන්ටනොව්-124 යානය MI-17 හෙලිකොප්ටරය ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීමට යොදාගෙන ඇත.
මේ යටතේ පළමුව හෙලිකොප්ටර් යානයක් මධ්‍යම අප්‍රිකාව වෙත යවා නඩත්තු කටයුතු සඳහා එහි ඇති හෙලිකොප්ටරය රැගෙන ඒමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart