
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය තවත් 10 හැවිරිදි පිරිමි දරුවකුගේ මාපියන් චෝදනා කරන්නේ, දරුවා ඇතුළත් කරන අවස්ථාවේ දී ඔහු වැළඳී ඇති රෝගය නිවැරදිව හඳුනා ගැනීමට වෛද්‍යවරුන් අපොහොසත් වූ බවයි.
මව්පියන් පවසන පරිදි, උදරාබාධයකින් පෙළුණු දරුවා සිකුරාදා (29) දර්ගා නගරය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව දරුවාගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් පසුදා උදෑසන කළුතර – ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.
“දරුවට ශල්‍යකර්මයක් කළ යුතු බව කළුතර රෝහලේ වෛද්‍යවරයෙක් මට කිව්වා. පසුව වෙනත් වෛද්‍යවරයෙක් මට කිව්වා සැත්කමක් කරන්න අවශ්‍ය නැහැ කියලා. පස්සෙ දරුවා රිජ්වේ ආර්යා රෝහලට මාරු කර යැව්වා. දරුවා ඉරිදා උදේ මියගියා” යැයි දරුවාගේ මව පවසයි.
ඔවුන් පවසන පරිදි වෛද්‍ය නොසැළකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බැවින්, යුක්තිය ඉටු කරන ලෙස මාපියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart