
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් අත්අඩංගුවේ සිටි 21 හැවිරිදි සැකකරුවකු විමර්ශන කටයුත්තක් සඳහා අවිස්සාවේල්ල, මානියන්ගම ප්‍රදේශයට රැගෙන යමින් සිටියදී, පැනයෑමට උත්සාහ කිරීමේදී ඇති වූ ගැටුමකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පසුගිය සැප්තැම්බර් 20 වැනිදා අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කර, තවත් පුද්ගලයන් දෙදෙනකු බරපළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මෙම සැකකරු, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හම්බන්තොට දී අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 170ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරු හම්බන්තොට පොලිසියට භාරදී ඇත.
අනතුරුව සැකකරු අවිස්සාවේල්ල පොලිසියට භාරදී ඇති අතර, එහිදී පැය 72ක රැඳවුම් නියෝග ලබාගැනීම සඳහා හම්බන්තොට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි.
සැකකරුගෙන් ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ ඔහුව අවිස්සාවේල්ල, මානිංගම, ඇත්පන්තිය පාරට රැගෙන ගොස් ඇත්තේ අධිකරණ කටයුතු සඳහා අදාළ සාක්ෂි ලබාගැනීමට බව පොලිසිය පවසයි.
එම ගමන අතරතුරදී සැකකරු සිය මාංචු යොදාගනිමින් පොලිස් නිලධාරියකුගේ ගෙල මිරිකා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
එහිදී ගැටුමක් හටගෙන ඇති අතර එහිදී සැකකරුත් පොලිස් නිලධාරියාත් තුවාලලබා තිබේ.
සෙසු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පොලිස් නිලධාරියා බේරාගැනීමෙන් පසු දෙදෙනාම ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මානියන්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ අවිස්සාවේල්ල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart