April 3, 2026

මහනුවරදී ඊයේ(02) අලුයම සිදු වූ යතුරුපැදි-බස් රථ අනතුරින් තුවා ලබා රෝහල්ගතව සිටි අනෙක් සිසුවා ද ඊයේ සවස මියගිය බව පල්ලේකැලේ පොලිසිය කියයි.

මහනුවර ප්‍රධාන පෙළේ පාසල් දෙකක් වන මහනුවර ශාන්ත සිල්වෙස්තර සහ විද්‍යාර්ථ විදුහල් අතර පැවැත්වීමට නියමිත ‘සුරතලුන්ගේ සටන‘ ක්‍රිකට් තරගයට සහභාගි වීම සඳහා යතුරුපැදියකින් ගමන් ගත් සිසුන් දෙදෙනකු ඊයේ උදෑසන පෞද්ගලික බසයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිය පැදවූ සිසුවා එම ස්ථානයේදී මියගියේය.

අනතුරින් මියගොස් ඇත්තේ ශාන්ත සිල්වෙස්තර විදුහලේ 13 වසරේ ඉගෙනුම ලැබූ නෙතුල නම්දිනූ සහ සජීව කරුණාරත්න නමැති උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලැබූ සිසුවන් දෙදෙනෙකි.

යතුරුපැදියේ පිටුපස ගමන් ගත් අනෙක් සිසුවා මහනුවර මහරෝහලට ඇතුළත් කළ අතර ඔහු ද ඊයේ සවස මියගොස් ඇත.