July 23, 2026

2022 ජන අරගලය පැවැති සමයේදී සමාජ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට, බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

සමාජ ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.