
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් වලින් ඉන්දීය කණ්ඩායම වාර්තාවක් තැබීමට සමත්ව සිටී.
ඒ ටෙස්ට්,එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි පළමු තැනට පත්වෙමිනි.
ඒ අනුව මෙම දක්ෂතාව දැක්වූ ලොව දෙවැනි කණ්ඩායම ලෙස ඉන්දියාව ඉතිහාසගතවන අතර, 2012 වසරේදී දකුණු අප්‍රිකාව මෙම දක්ෂතාව දක්වා තිබුණේය.
ඊයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව මොහාලි දී තරගය ආරම්භයට පෙර ඉන්දියාව ටෙස්ට් සහ විස්සයි විස්ස පළමු තැන පසුවූ අතර, පළමු එක්දින තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 05කින් පරාජයට පත්කරමින් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට පත්විය.
ඒ අනුව එක්දින,ටෙස්ට් සහ විස්සයි විස්ස තරග රටා තුනේම පළමු තැන ලබාගැනිමට ඉන්දියාව සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart