
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නදුන් චින්තක වික්රමරත්න නොහොත් ‘හරක් කටා’ගේ පළායෑමේ සැලසුමට අනුබල දුන් බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර ප්රශ්න කිරීම සඳහා ඔහු ත්රස්ත විමර්ශන කොට්ඨාශය (TID) වෙත භාරදීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
හරක් කටා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රශ්න කිරීම්වලදී, උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් ගිනි අවියක් උදුරා ගෙන අත්අඩංගුවෙන් බේරීමට උත්සාහ කර තිබිණි.
හරක් කටාගේ අසාර්ථක උත්සාහයෙන් පසු ඔහුට සහාය වූ පොලිස් කොස්තාපල්වරයා අතුරුදන් වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් බේරීමට ‘හරක් කටා’ට සහාය වූ පොලිස් කොස්තාපල්වරයාට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කිහිපදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.
එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ මස්සිනා ද වේ.
පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට තවමත් පරීක්ෂණ ක්රියාත්මකය.
කෙසේ වෙතත්, ඔහු මේ වන විටත් රටින් පිටව ගොස් ඇති බවයි වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart