
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ චෙම්මනි හි සිටුපත්තුවේ සිදුකෙරෙන කැණීම් අතරතුර ඊයේ (04) උදෑසන වනවිට මිනිස් සිරුරු හතක ඇටසැකිලි කොටස් සොයාගෙන ඇත.
පෙබරවාරි 20 වැනි දින ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා භූමියක් පිරිසිදු කිරීමේදී නල්ලූර් ප්‍රාදේශීය සභාවේ සේවකයන් කැබලි වූ මිනිස් ඇටසැකිලි කොටස් සොයාගැනීමෙන් අනතුරුව අධිකරණ නියෝගයක් අනුව පසුගිය (15) දින කැණීම් ආරම්භ කරන ලදී.
යාපනය පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තා මත යාපනය මහේස්ත්‍රාත් ඒ. ආනන්ද රාජාගේ නියෝග අනුව ක්‍රියාකරමින්, එම ස්ථානයේ නිල කැණීම් කටයුතු සිදුකෙරේ.
පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවගේ නායකත්වයෙන් යුත් පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් විසින් එම කැණීම් කටයුතු දැනට සිදුකරනු ලැබේ.
නීතිඥ වී.එස්. නිරංජනගේ ප්‍රධානත්වයෙන් යුත් නීතිඥ කණ්ඩායමක් ඊයේ (04) එම ස්ථානයට ගොස් පරීක්ෂාවක් සඳහා එම ස්ථානය නිල වශයෙන් සමූහ මිනීවළක් ලෙස ප්‍රකාශයට පත්කළ හැකි බව ජනමාධ්‍ය වෙත දැනුම්දෙන ලදි.
යාපනය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෛද්‍ය එස්. පිරිනිවන් පොලීසිය සමඟ එක්ව, පුරාවිද්‍යාඥයන් සමඟ දැනට සිදුකෙරෙන පරීක්ෂණ සඳහා සහාය ලබාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart