
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ (08) දින කළුතර උතුර සහ කුලියාපිටිය යන ප්රදේශවල මිනීමැරුම් දෙකක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.
එහිදි කළුතර උතුර, පනාපිටියේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකුගේ නිවසට ගොස් නාඳුනන පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
පුද්ගලයා තම නිවස තුළ නිදාසිටියදී සැකකරුවන් නිවසට කඩාවැදී තියුණු ආයුධවලින් පහර දී ඇති බවත්, බරපතල තුවාල ලැබූ වින්දිතයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ අතර, කුලියාපිටිය, වල්පිටගම ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් 44 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා විය.
පවුල් ආරවුලක් අතරතුර කාන්තාවගේ සැමියා විසින් ඇයට උදැල්ලකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය විමර්ශනයේදී අනාවරණය කර තිබේ.
පොලීසිය විසින් 43 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart