
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී, පාකිස්ථාන පිතිකරුවකු දෙවන ද්විත්ව ශතකයත් අද වාර්තා කළේය.
එස්.එස්.සි. ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ අද, පාකිස්ථාන ආරම්භක පිතිකරු අබ්දුල්ලා සෆීක් මෙම ද්විත්ව ශතකය වාර්තා කළේ පන්දු 322ක් වැයකරමිනි.
ඒ අනුව, ඔහු ද්විත්ව ශතක රැස්කළ 24වැනි පාකිස්ථාන පිතිකරුවා බවට පත්වූ අතර, යුනිස් ඛාන් සහ ජාවෙඩ් මියන්ඩාඩ් ද්විත්ව ශතක 06 බැගින් වාර්තා කර එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවෙති.
පළමු ටෙස්ට් තරගයේදි ෂවුඩ් සකීල්ද ශ්රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කළේය.
මෙම තරගයේ ශ්රී ලංකා පළමු ඉනිම පළමු දිනයේදීම ලකුණු 166කට සීමාවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart