
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විල්පත්තුව වනාන්තරය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හරහා අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට කල් ලබාදුන්නේය.
එම පෙත්සම අද (28) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. අද දිනයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනුකරන ලෙසමන්ත්‍රීවරයාට නියම කළේය.
ඉන්පසුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart