
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (29) නියෝග කර තිබේ.
2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කෙරිණි.
ඒ අනුව, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න සහ එහි හිටපු කළමනාකාර අධ්යක්ෂ රූමි ජවුෆර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පොදු දේපළ පනත යටතේ මෙම පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (29) මෝසමක් මඟින් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart