
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බරපතළ අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වී, අන්තර්ජාතික පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 89 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා බලධාරීන් අඛණ්ඩව උත්සාහ කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.
විදේශ රටවල සැඟවී සිටින මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෑතකදී දියත් කරන ලද ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම් කිහිපයක් හේතුවෙන් දැනටමත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකි වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟවී සිටි, එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනෙකු බුද්ධි තොරතුරු මත පදනම් වූ මෙහෙයුමකින් පසු පසුගිය 27 වැනිදා රාත්‍රියේ මෙරටට රැගෙන විත් ඇති බවයි.
මීට පෙර, එනම් පසුගිය 22 වැනිදා පිරිමි පුද්ගලයන් 19 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කර තිබිණි.
ඔවුන් මේ වන විට පොලිසියේ විශේෂ විමර්ශන ඒකක මගින් ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරේ.
මෙලෙස ඩුබායි සහ සාජා සිට මෑතකදී මෙරටට රැගෙන ආ පිරිස අතර සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන්ට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් මෙන්ම, ලංකාව තුළ විවිධ අපරාධ සිදුකර පළාගිය පුද්ගලයන් ද සිටින බව අනාවරණය වී ඇත.
පොලිස් දත්තවලට අනුව, 2024 වසරේ සිට මේ දක්වා කාලය තුළ රතු නිවේදන නිකුත් කර සිටි සැකකරුවන් 32 දෙනෙකු සාර්ථකව මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර ඇත.
විදේශ රටවල සැඟවී සිටින ඉතිරි අපරාධකරුවන් සිටින ස්ථාන හඳුනාගෙන, ඔවුන් මෙරටට පිටුවහල් කරවා ගැනීම සඳහා අන්තර්ජාතික සහයෝගීතාව ඇතිව විමර්ශන සහ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව ද පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart