
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින ඉරාන යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ මට්ටමක පැවතුණහොත් සිදුවනු ඇතැයි අනාවැකි පළ ළ පරිදිම, මෙම යුද තත්ත්වය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි සාගින්නකට තල්ලු වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ආහාර ඒජන්සිය අනතුරු අඟවයි.
ලෝක ආහාර වැඩසටහන (WFP) ප්‍රකාශ කරන්නේ, අවදානමට ලක්ව ඇති රටවල් තුනක් ඇසුරින් සිදුකළ විශ්ලේෂණයකට අනුව සෝමාලියාවේ අතිරේකව තවත් මිලියන 2.5 ක් ද, ඇෆ්ගනිස්ථානයේ මිලියන 2.3 ක් ද සහ ශ්‍රී ලංකාවේ ලක්ෂ 13 කට (මිලියන 1.3) අධික ජනතාවක් ද තමන්ගේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට දැඩි ලෙස අරගල කරමින් සිටින බවයි.
පසුගිය මාර්තු මාසයේදී ලෝක ආහාර වැඩසටහන පුරෝකථනය කළේ ජුනි මාසය අවසන් වන විට තවත් පුද්ගලයන් මිලියන 45 ක් අලුතින් ආහාර අනාරක්ෂිතතාවයට මුහුණදෙනු ඇති බවයි.
එය දැනටමත් ලොව පුරා ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන මිලියන 318 ක ජනතාවට අමතරව සිදුවන්නකි.
“අපි තවමත් එම පුරෝකථනයේම රැඳී සිටිනවා,” ලෝක ආහාර වැඩසටහනේ වැඩබලන විධායක අධ්‍යක්ෂ කාල් ස්කාවු (Carl Skau) එක්සත් ජාතීන්ගේ ජනමාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
“එයට ප්‍රධානතම හේතුව බොහෝ ස්ථානවල බලශක්ති (තෙල්) මිල සහ ආහාර මිල අතර පවතින සබඳතාවය ඉතා දැඩි වීමයි. එමෙන්ම ලොව දුප්පත් රටවල ජනතාව දැනටමත් තමන් සතු සියලුම මුදල් වැයකරන්නේ ආහාර සඳහායි. මේ නිසා ආහාර මිල ඉහළ යන විට ඔවුන් කරන්නේ ආහාර ගන්නා ප්‍රමාණය අඩුකිරීමයි.”
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිකුත් කරන ලද ලෝක ආහාර වැඩසටහන් වාර්තාවට අනුව, මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ලෝක ආර්ථිකයට “දැඩි අහිතකර බලපෑම්” එල්ල වෙමින් පවතින අතර, විශේෂයෙන්ම ආහාර සහ ඉන්ධන මිල ඉහළ යෑමටත්, වෙළෙඳ කටයුතු අඩාල වීමටත් එය බලපා තිබේ. රෝමය පදනම් කරගත් මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ, දැනටමත් අවදානමට ලක්ව ඇති රටවල මෙම සාධක එකිනෙක බද්ධ වෙමින් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවයට සහ ජීවනෝපායන්ට ක්ෂණිකව බලපාන බවයි.
“මැදපෙරදිග අර්බුදය සමනය වුවද, ඉදිරි මාසවලදී මෙම අහිතකර බලපෑම් තවදුරටත් දැඩි වනු ඇතැයි අපේක්ෂා කරනවා” යැයි ලෝක ආහාර වැඩසටහන පවසයි.
කාල් ස්කාවු සුඩානය, ගාසා තීරය, දකුණු ලෙබනනය, යේමනය සහ හයිටි ඇතුළු ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ලොව අනෙකුත් දැඩි අවදානම් සහිත කලාප ද මෙහිදී පෙන්වාදී ඇත.
මූල්‍ය ප්‍රතිපාදන කපා හැරීම හේතුවෙන් ලෝක ආහාර වැඩසටහනට අසරණ වී සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට ලබාදෙන ආධාර සීමා කිරීමට සිදුව ඇති අතර, විශේෂයෙන්ම සෝමාලියාව සහ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වැඩි වැඩියෙන් ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වන ලෙස ස්කාවු පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියි. මන්දයත්, “දැනට වඩා යමක් නොකිරීමෙන් සිදුවන මානුෂීය විපාකය අතිදැවැන්ත වනු ඇති” බැවිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart