
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිරෝෂන් දික්වැල්ලට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකාරවලින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
දික්වැල්ලගේ වසර 3ක තහනම මාස 3 දක්වා අඩුකිරීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) ගත් තීරණයෙන් පසුව මෙම තීරණය ගත බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
2024 අගෝස්තු 13 වන දින ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් වසර 3ක තහනම පනවනු ලැබුවේ, දික්වැල්ල සම්බන්ධයෙන් සිදුකරන ලද අහඹු තහනම් උත්තේජක පරීක්ෂණයකින් පසුව, පරීක්ෂණ වාර්තාවක තහනම් ද්‍රව්‍යයක් අනාවරණය වීම හේතුවෙනි.
කෙසේවෙතත්, දික්වැල්ල විසින් කරන ලද අභියාචනයකට අනුව, ඔහුට පනවා තිබූ තහනම් කාල සීමාව අඩු කිරීමට මෙලෙස තීරණය කර ඇත.
මෙම නිදහස් කිරීම අනුව, අනුව නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් පරිපාලනය විසින් පවත්වනු ලබන සියලුම තරඟ සඳහා සහභාගී වීමට දික්වැල්ල දැන් සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart