
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට චිත්රපට හා සජීවිකරණ කර්මාන්තයේ ප්රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්රී ලාංකික සජීවිකරණ වෘත්තාන්ත චිත්රපටයක් වන “The Secret of the Moonstone” හි පූර්ව ප්රචාරක පටය Mogo Studios විසින් නිකුත්කර තිබේ.
චිත්රපටය නුදුරු අනාගතයේ දී ලොව පුරා නිකුත් කිරීමට නියමිත බැවින් ගෝලීය ප්රේක්ෂකයන් සඳහා මෙම පූර්ව ප්රචාරක පටය එළිදක්වා ඇත.
මෙම කතාව සඳහා තේමා කරගෙන ඇත්තේ අනාගතයේ කොළඹ පවතිනු ඇති ආකාරය දැක්වෙන පසුබිමක් වන අතර, ලකී නම් තරුණ පිරිමි ළමයකු සහ ඔහුගේ හොඳම මිතුරිය වන ටානියා ශ්රී ලංකාවේ අද්භූත වනාන්තරවලට ඉහළ මට්ටමේ ත්රාසජනක ගමනක් යන ආකාරය චිත්රපටයේ දැක්වේ.
ඔවුන්ගේ මෙහෙවර වන්නේ ලකීගේ මුතුන් මිත්තකු වූ මහදැන මුත්තාට අයත්ව තිබී නැතිවූ ‘ප්රඥාවේ පොත’ සොයා ගැනීමයි.
කතාවට අනුව මෙම පුරාණ පුස්ථකය ‘නිලා’ ලෙස හඳුන්වන ඉන්ද්රජාලික ජීවියකු විසින් ආරක්ෂා කරනු ලැබේ.
චිත්රපටය ගලා යන්නේ ශ්රී ලංකාවේ පොහොසත් උරුමයක් වන ජනප්රවාද සමඟ උසස් තාක්ෂණය මිශ්ර ලෝකයක මොවුන් දෙදෙනා ඉදිරියට යද්දී දිගුකාලීන විරුද්ධවාදියකු වන ‘චණ්ඩි’ගෙන් මතුවන බාධකවලට මුහුණ දෙමිනි.
ඔවුන්ගේ ගමන අතරතුර මිත්ර පාක්ෂිකයන් එක්රැස් කර ගන්නාලකී සහ ටානියා, ප්රඥාව, උරුමය සහ මිත්රත්වයේ තේමාවන් නැවත සොයාගැනීමට සමත් වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart