
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර තුනකට පසු පන්දුවාර 20 පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති පළමු තරගය කඩුලු 03කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යෑමට සමත්විය.
පන්දු 38කදී ලකුණු 46 ක් ඇන්ජලෝ මැතිව්ස් රැස්කළේ, හතරේ පහර 05ක් සහ හයේ පහර 01ක් සමගිනි.
ඊට අනගි සහායක් ලබාදුන්, කලකට පසු ලකුණු අතරට පැමිණි හිටපු නායක දසුන් ශානක පන්දු 18කදි ලකුණු 26ක් රැස්කළේය.
ඇන්ජලෝ සහ දසුන් 07 වන කඩුල්ලට ලකුණු 55ක සබදතාවක් පැවත්වූහ.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක වනිදු හසරංග පළමුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන් අතර, ඔවුහු නියමිත පන්දුවාර 20 තුල කඩුලු 05 ක් දැවී ලකුණු 143ක් ලබාගත්හ.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිදු හසරංග කඩුලු 02 බැගින් දවාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 144ක් ලබානිමින් තරගය ජයගත්තේය.
තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවූ අතර, වසර තුනකට පසු ක්‍රීඩාකළ පන්දුවාර 20 තරගය සිය මංගල තරගය ලෙස හැඟුණු බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart