March 15, 2024

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරිනිය නිල දැනුම්දීමක් නොකර රටින් පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට තමන් රටින් පිටව ගිය බව ඇය රෝහල් අධ්‍යක්ෂ වෙත වට්සැප් පණිවුඩයක් මගින් දන්වා ඇත.

වෛද්‍යවරිය කිසිදු විදෙස් නිවාඩුවක් අනුමත කර ගැනීමක් හෝ නිවාඩු අනුමත කර ගැනීමට අයැදුම් පතක් යොමු කර නැති බව වෛද්‍යවරිය රටින් පිටව යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා යවන ලද ලිපියෙහි සඳහන් කර ඇත.