
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට යාපනයේ සිට ඉන්දියාවට පළායෑමට පහසුකම් සැපයූ බව කියන ‘ආනන්ද’ නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (21 දා) අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර ඉන්දියාවට පළායනතුරු සෙව්වන්දිට නවාතැන් පහසුකම් සැපයූ කිලිනොච්චියේ පදිංචි කාන්තාවක ද පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර ආනන්ද නමැත්තා ජේ. කේ. බායිගේ සමීපතමයකු වන අතර පුද්ගලයන් නීතිවිරෝධි අන්දමින් මුහුදු මාර්ගයෙන් විදෙස් රටවලට යැවීමේ ජාවාරමේ යාපනය ප්රදේශයේ නියෝජිතයා ලෙස ද කටයුතු කර ඇත.
සෙව්වන්දි ඉන්දියාවට යැවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ආනන්ද කොළඹට ආසන්න ප්රදේශයක සැඟවී සිට ඇති බව පොලිසිය පවසයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ විමර්ශනයකදී ආනන්ද නමැත්තා අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර මේ වනවිට ඔහුගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කරගෙන යයි.
ඉෂාරා සෙව්වන්දි ඉන්දියාව බලා ගොස් ඇත්තේ යාපනය මුහුදු තීරයෙන්ය.
ඇය කුඩා බෝට්ටුවකින් රැගෙන ගොස් ඇති අතර එහි පිරිමි පුද්ගලයන් තිදෙනකු ද ගමන් කර ඇත.
සෙව්වන්දි රැගත් බෝට්ටුවට ඉන්දියාට යෑම සඳහා දින පහක් ගතවී ඇත.
නාවික හමුදා ආරක්ෂක නිලධාරීන් මඟහරිමින් මෙම බෝට්ටුව ආරක්ෂිත ලෙස ඉන්දියාවට ගොස් ඇති අතර එහිදී ජේ. කේ. බායි පැමිණ සෙව්වන්දි භාරගෙන තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart