April 28, 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

වලංගු මූලික ලියාපදිංචියක් නොමැති බවට වාර්තා වන වාහනයකට අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අද (28) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරු දැනට බත්තරමුල්ලේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයකු ලෙස සේවය කරන බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.