
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කතරගම රියදුරු අභ්‍යාස විද්‍යාලයේදී කොළඹ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන නිලධාරියකු අතින් පසුගිය 24 දා එම රියැදුරු පුහුණුවීමේ යෙදී සිටි ශිෂ්‍යාවකට බරපතල රිය අනතුරක් සිදුව ඇතැයි කතරගම පොලිසිය පවසයි.
මෙම සිද්ධිය මුහුණදී ඇත්තේ, ලුණුගම්වෙහෙර කතරගම මාර්ගයේ රියදුරු පුහුණුව ලබමින් සිටි නො : 71 ,ගාමිණීපුර, කතරගම ලිපිනයේ පදිංචි සූරියආරච්චිගේ මදීසා පියුමිණි ශිෂ්‍යාව බව පැවසේ.
කොළඹ රථ වාහන මුලස්ථානයට අනුයුක්තව සේවය කරන අදාළ පොලිස් නිලධාරියා වැගන් ආර් වර්ගයේ රථයක් පදවාගෙන පැමිණ ඇති අතර, ලුණුගම්වෙහෙර කතරගම මාර්ගයේ රියදුරු පුහුණුව ලබමින් සිටි ඇය පාරේ වම්පස ඇති සුදු ඉරටත් ඔබ්බෙන් මාර්ගය අයිනට වෙන්න නවතා තිබූ රියදුරු පාසලේ රථයෙන් බැස සිටියදී, මෙම වැගන් ආර් වර්ගයේ වාහනය පැමිණ ඇයගේ ගැටී බව පැවසේ.
එහිදී ඇය වීසි වී ගොස් රියදුරු පාසලේ වාහනයේ වැදි නැවතත් එම වැගන් ආර් රථයටම වැදී පාරේ ඇද වැටී ඇති බව වාර්තා සඳහන් කරයි.
ඉන්පසු එම ශිෂ්‍යාව කතරගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙබරවැව මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.
සැකකාර නිලධාරියා ඊයේ 25දා දින තිස්ස මහාරාම මහේස්ත්‍රාත් හා දිසා අධිකරණය වෙත ඉදිරිපත් කළ බව කතරගම පොලිසිය පවසයි.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කතරගම පොලිසිය මගින් සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart