
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ත්රස්තවාදී සංවිධාන සමඟ එක්ව කටයුතු කරමින්, එල්.ටී.ටී.ඊ, සංවිධානයට සම්බන්ධ අන්තවාදී අදහස් අන්තර්ජාලයට මුදාහරින බව කියන කණ්ඩායමක් සම්බන්ධයෙන් ත්රස්ත විමර්ශන කොට්ඨාශය (TID) පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
‘ඩේලි නිවුස්’ වෙත වාර්තා වන පරිදි, මේ සම්බන්ධයෙන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය සිදුකරන බව ත්රස්ත විමර්ශන කොට්ඨාශය ඊයේ (ජනවාරි 08) කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසිංහට දන්වා ඇත.
ත්රස්ත විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් පවසා ඇත්තේ, මෙම පිරිස ජංගම දුරකථන හරහාභාවිතයෙන් විවිධ වෙබ් අඩවි හරහා අන්තවාදී අදහස් පිළිබඳ තොරතුරු එකිනෙකාට හුවමාරු කර ගනිමින් තම ප්රචාරක කටයුතු සිදුකරන බවට අනාවරණය වී ඇති බවයි.
මෙරට තිස් වසරක යුද්ධය අවසන් කිරීමෙන් පසු, තුරන් කළ කොටි ත්රස්තවාදය යළි ස්ථාපිත කිරීමට කාලය පැමිණ ඇති බව පවසමින්, මෙම පිරිස තොරතුරු හුවමාරු කරගෙන ඇති බවද ත්රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා තිබේ.
මෙම අන්තවාදී වෙබ් අඩවි පවත්වාගෙන යන පුද්ගලයන් භාවිත කරන ජංගම දුරකථන අංක සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවද ත්රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart