
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලාශුරි මොහිදින් බෙග්ගේ ගීත 9 ක් සම්බන්ධයෙන් වානිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත්කර ඇත.
ඒ අනුව, සකල සතම බොදු බැතියෙන්, මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, සුවදේ මට සීතල සුළග පවා, සම්මා සම්බුදු වු, මල් සුගන්දේ දම් සුගන්දේ, බුදුන්ගේ අමා ධර්මේ, නින්දා ප්‍රශංසා, සරවන බව, අනේක ජාති සංසාරේ” යන ගීත යුටියුබ් වේදිකාවේ ප්‍රචාරණය කිරිම සහ වෙනත් තුන්වැනි පාර්ශවයන් වෙත පැවරීම අධිකරණය විසින් වාරණය කරනු ලැබීය.
මෙම ගීතවල පටිගත කිරිමේ සහ නිෂ්පාදනය කිරීමේ බුද්ධිමය දේපළ හිමිකම පවතින කලාශුරි මොහිදින් බෙග්ගේ පුත් මොහිදින් ඉල්ලියාස් බෙග් විසින් මෙම නඩුව එම්. එන්ටර්ටෙන්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් යන සමාගමට එරෙහිව ගොනුකර තිබේ.
සියලු කරුණු සලකා බැලු වානිජ මහාධිකරණය විසින් මෙම වාරණ නියෝගය M. Entertainment (Pvt) limited සමාගමට එරෙහිව නිකුත් කර ඇත.
තවද, එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත පැවරිම, විකිණිම හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිම ඇතුළු ක්‍රියාවන්ද මහාධිකරණය විසින් වාරණය කර තිබේ.
පැමිණිලිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සදහන් කර සිටියේ, එකී කලාශුරි මොහිදින් බෙග්ගේ ගීත සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙත පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කළ නොහැකි හිමිකමක් වන බවත්, විත්තිකාර M. Entertainment සමාගම විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.
පැමිණිලිකාර මොහිදින් ඉල්ලියාස් බෙග් වෙනුවෙන් නීතිඥ තිළිණි හේවාවිතාරණගේ උපදෙස් මත නඩුව සඳහා නීතිඥ සදුන් සේනාධිපති පෙනීසිටියේය.
මෙම නඩුව නැවත මේ මස 31 වැනි දිනට කැදවීමට අධිකරණය නියම කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart