May 4, 2026

ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් වන INS සින්දුකේසරි, මෙහෙයුම් කටයුතු අතරතුර ඊයේ කොළඹ වරායට පැමිණියේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව මෙම සබ්මැරීනය පිළිගනු ලැබීය.

දිවයිනේ රැඳීසිටින කාලය පුරාවටම, සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයක් නැරඹීම ඇතුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතය.