
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 20 කට වඩා වටිනා ‘කුෂ්’ නම් කංසා වර්ගය චොක්ලට් ආලේප කර ජාවාරම් කිරීමට උත්සාහ කළ තරුණ ඉන්දියානු යුවළක් සහ ඔවුන්ගේ හත්හැවිරිදි දරුවා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම යුවළ සහ දරුවා තායිලන්තයේ සිට පැමිණ ඉන්දියාව බලා යන අතරතුර, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ස්ථානගත කර ඇති රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සැකයක් මත ඔවුන් නතර කර ඇත.
රේගු ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ පැවසුවේ, යුවළගේ ගමන් මලුවලින් කුෂ් කිලෝ එකයි ග්‍රෑම් 984 ක් (ග්‍රෑම් 1,984) සොයාගත් බවත්, එහි වටිනාකම රුපියල් මිලියන 20 ක් බවත්ය.
බැංකොක් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 403 ගුවන් යානයෙන් මෙරටට පැමිණි එම පවුලේ අය කොළඹ දින කිහිපයක් ගතකිරීමෙන් පසු ඉන්දියාවට ආපසු යෑමට සැලසුම් කර ඇති බව පැවැසේ.
කුඩා බෝල ප්‍රමාණයට රෝල් කරන ලද මත්ද්‍රව්‍ය පොලිතින්වලින් ඔතා, පසුව ඒවා චොකලට් ආලේප කර නැවත චොකලට් මෙන් පෙනෙන පරිදි රන් හා රිදී තීරු වලින් ඔතා තිබේ.
මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරියකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙය ඉතා නවීන උපක්‍රමයක් බවත්, ගුවන්තොටුපළේ සිටින සුනඛයන්ට පවා මත්ද්‍රව්‍යවල සුවඳ මෙමගින් නොදැනෙන බවත්ය.
මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ, වයස අවුරුදු 30 ක් වන පිරිමි පුද්ගලයා බැංකොක් සිට ශ්‍රී ලාංකිකයකුට ඉන්දියානු රුපියල් 50,000 කට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට එකඟ වී ඇති බවයි.
ඉන්පසු ඔවුන් චෙන්නායි හි පිහිටි ඔවුන්ගේ උපන් නගරයට ආපසු යාමට නියමිතව තිබූ බව ආරංචි මාර්ග පවසයි.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ඊයේ සවස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart