
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර – තන්තිරිමලය ප්‍රධාන මාර්ගයේ මානිංගමුව – ඔයාමඩුව ප්‍රදේශයේදී වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඇතකුගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.
ඊයේ (30) රාත්‍රියේ සිදුවූ එම ප්‍රහාරයෙන් බස්රථයට දැඩි හානි සිදුව ඇතැයි වාර්තා වේ.
මෙසේ ඇතාගේ ප්‍රහාරයට ලක්වූයේ මාතර සිට අනුරාධපුරයට වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් රැගත් බස් රථයකි.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම දළ ඇතා ප්‍රදේශයේ ජීවිත රැසක් බිලිගෙන ඇති බවත් නිවාසවලට ද දැඩි හානි සිදුකර ඇති බවය.
එමෙන්ම මීට පෙරද මෙම ඇතා විසින් මාර්ගයේ ගමන් කරන වාහනවලට පහර දී ඇති බව ද ගම්වාසීහූ පවසති.
ඇතා සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට විසඳුම් නොලැබුණු බවට ද ගම්වාසීහූ චෝදනා කරති. (අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart