
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි චීන අවන්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බව හදිසි සේවා පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෂාහර්-ඊ-නාව් ප්‍රදේශයේ මල් වෙළෙන්දන් සඳහා ප්‍රසිද්ධ වීදියක පිහිටි අවන්හලක එම පිපිරීම සිදුව ඇති බවයි.
කාබුල් පොලිස් ප්‍රකාශක කාලිඩ් සද්රාන් පැවසුවේ ප්‍රධාන වශයෙන් චීන මුස්ලිම්වරුන්ට ආහාර අලෙවි කළ චීන නූඩ්ල්ස් අවන්හලක එම පිපිරීම සිදු වූ බවයි.
චීන මුස්ලිම්වරයෙකු සහ ඇෆ්ගන් ජාතිකයින් හය දෙනෙකු මිය ගිය පිරිස අතර වන බවත්, පිපිරීම මුළුතැන්ගෙය අසල සිදුව ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේය.
මේ අතර ඉස්ලාමීය රාජ්‍ය සන්නද්ධ කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාරයේ වගකීම භාර ගත් බව SITE බුද්ධි කණ්ඩායම වාර්තා කර ඇත.
ඔවුන් පැවසුවේ එය චීන ජාතිකයන් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි.
“ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය රාජ්‍යය චීන ජාතිකයන් ඔවුන්ගේ ඉලක්ක ලැයිස්තුවට ඇතුළත් කර ඇත, විශේෂයෙන් චීන රජය විසින් පීඩිත උයිගර් මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කරන ලද අපරාධ වැඩිවෙමින් පවතින බැවින් එලෙස ප්‍රහාර සිදු කරයි” IS ප්‍රකාශයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart