
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්පැන් බලපත්‍ර ගාස්තු වැඩි කිරීම මත්පැන් සිල්ලර විකුණුම් මිලට බලපාන්නේ නැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි.
මත්පැන් බලපත්‍ර ගාස්තු වැඩිවීමත් සමඟ මත්පැන් මිල වැඩිකිරීමේ හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කරයි.
අනෙකුත් වාණිජ භාණ්ඩ හා සසඳන විට දේශීය වෙළඳපොලේ මත්පැන් අලෙවියේ අඩුවීමක් දක්නට ලැබෙන බවද ඔහු පෙන්වාදෙයි.
කෙසේ වෙතත් රට තුළ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, එම නිසා නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය දිගටම කරගෙන යෑමටත්, නීතිය රකිමින් එය නියාමනය කිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවත්, කොමසාරිස්වරයා පවසයි.
නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය දිරිමත් කරන අතරම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය අධෛර්යමත් කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart