
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට බංකොලොත් වීමට වගකිව යුතු ආයතන හා පුද්ගලයන් සහ ඒ වෙනුවෙන් සාක්ෂි දිය හැකි පුද්ගලයන්ගේ ලේඛනයක් පිළියෙළ කරන ලෙස රට බංකොලොත්භාවයට පත්වීමේ හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
ඒ, රට බංකොලොත්භාවයට පත්වීමේ හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඔවුන් කැඳවූ අවස්ථාවේදී ය.
ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වාලීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් ද ප්‍රමුඛතා ලේඛනයක් පිළියෙළ කරන්නැයිද කමිටුවේ සභාපති නීතීඥ සාගර කාරියවසම් ඔවුන්ට උපදෙස් ලබාදී ඇත.
එම වාර්තා සතියක් ඇතුළත ලබාදෙන ලෙසද සභාපතිවරයා විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
ඒ යටතේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව මෙරට බංකොලොත්වීමට හේතුවූ කරුණු සහ ඊට වගකිව යුතු පුද්ගලයන් කාරක සභාව හමුවට ගෙන්වා කරුණු විමර්ශනය කරන බවද කමිටු සභාපති සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart