February 26, 2026

යාපනය, චුන්නාකම් හිදී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කඩාගෙන පළාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දවසේ වාර්තා වූ මෙම සොරකම මාර්ගය අසල වූ CCTV කැමරාවක සටහන් වී ඇත.

අදාළ රන් මාලය රුපියල් ලක්ෂ 10ක පමණ වටිනාකමකින් යුතු එකක් බව පොලිසිය පවසයි.

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ආසන්නයේ ඇති යුදහමුදා කඳවුරක සේවය කරන සෙබළකු ලෙස හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.