
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැකිරි කිලෝවක් රුපියල් 10ක මිලකට අලෙවි වද්දී, රටේ ගොවි පවුල් 70,000කට ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ භාවිත කළ හැකි නව මෘදුකාංග යෙදුමක්(App) හඳුන්වාදී ඇත.
දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ ප්‍රතිලාභී ගොවීන්ට තම නිෂ්පාදන කඩිනමින් සාධාරණ මිලකට අලෙවි කර ගැනීම සඳහා ‘ඇග්‍රොබිස්’ (Agro Bizz) නමින් මෙම මෘදුකාංග යෙදුම හඳුන්වා දී තිබේ.
පළාත් 06ක පිහිටිදිස්ත්රික්ක 11ක දේශගුණික විපර්යාසයන්ගේ බලපෑමට ලක්වන ගොවිජන සේවා බල ප්‍රදේශ 47 කට අයත් ගොවි පවුල් 70,000 කට පමණ මෙමගින් තම කෘෂි නිෂ්පාදන අතරමැදියන් මඟහැර යමින් සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට අවස්ථාව උදාවී තිබේ.
අතරමැදියන් මඟහැර කෘෂි නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කිරීමට වෙළඳපොලක් නොමැති වීම දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘති බලප්‍රදේශයේ ගොවීන් මුහුණදී ඇති ප්‍රධාන ගැටලුවක් වන අතර ඊට පිළියමක් වශයෙන් මාර්ගගතව (Online) ක්‍රියාත්මක වන ‘ඇග්‍රොබිස්’ (Agro Bizz) නමින් යෙදුම මගින් ගොවි නිෂ්පාදන අලෙවි කිරීමට ව්‍යාපෘතිය බලාපොරොත්තු වේ. මාර්ගගතව ගොවි නිෂ්පාදන විකිණීමේදී ලැබෙන ගෙවීම්ද ගොවීන්ගේ ගිණුම් වෙත බැර වෙයි. ‘සෙලාටා ටෙක් ‘(Celata Tech) නම් වූ මෘදුකාංග නිෂ්පාදන සමාගම මෙම ‘ඇග්‍රොබිස්’ (Agro Bizz) යෙදුම නිර්මාණය කර ඇති අතර එය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතනවලට බාගත කළ හැකිය.
ලෝක බැංකු නිළධාරීන්, දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘති නිළධාරීන් හා ‘සෙලාටා ටෙක් ‘ සමාගමේ නිළධාරීන් අතර පැවත්වූ සාකච්ඡාවකදී මෙම යෙදුම නොමිලයේ ව්‍යාපෘති ප්‍රතිලාභී ගොවීන් 70,000 කට පමණ ලබා දීමට එකඟතාව පළකොට තිබේ. ඒ අනුව ව්‍යාපෘති බල ප්‍රදේශයට අයත් දිස්ත්‍රික්ක 11 න් තෝරාගත් නියෝජිතයින් පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීමේ වැඩසටහනක් මේ වන විට අරඹා ඇත. දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ පළාත් නියෝජ්‍ය ව්‍යාපෘති අධ්යක්ෂ කාර්යාලවල සේවය කරන කෘෂි ව්‍යාපාර හා අලෙවි සබදතා නිලධාරීන්, කෘෂි පහසුකාරකයින් හා නිෂ්පාදක සංගම් හා නිෂ්පාදක සමිතිවල නිලතල හොබවන ගොවීන් පුහුණුකර නියෝජිතයන් ලෙස පත් කොට ඔවුන් මගින් මෙම යෙදුම ගොවීන් අතර ප්‍රචලිත කිරීමට දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘති අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart