
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 ජූලි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, පළමු වරට විදේශ රැකියා සොයන සියලුම ශ්‍රී ලාංකිකයන් කාර්යාංශයේ ලියාපදිංචි වීමට පෙර අදාළ රටේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයෙන් තම රැකියා කොන්ත්‍රාත්තු සහතික කර ගත යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර ඇත.
මෙම අනිවාර්ය අවශ්‍යතාව සෞදි අරාබිය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාව යන රටවලට සංක්‍රමණය වන සේවකයන්ට අදාළ වේ.
පිටත්ව යෑමට පෙර කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවය සහ සත්‍යතාව සහතික කිරීමෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සේවකයන්ගේ ආරක්ෂාව සහ නෛතික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම මෙම පියවරේ අරමුණ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.
කෙසේවෙතත්, වෘත්තීය කාණ්ඩවල ස්වයං රැකියා සඳහා ගමන් කරන පුද්ගලයන්ට මෙම අවශ්‍යතාව අදාළ නොවේ.
එවැනි පුද්ගලයන්ට තම වෘත්තිය දැක්වෙන විදේශ ගමන් බලපත්‍රයක් හෝ ගමනාන්ත රට තුළ ඔවුන්ගේ වෘත්තීය තත්ත්වය තහවුරු කරන අදාළ ලියකියවිලි ඉදිරිපත් කළ හැකි නම් නිදහස් කරනු ලැබේ.
කාර්යාංශය සඳහන් කළේ, මෙය සංක්‍රමණික සේවකයන්ගේ ආරක්ෂාව සඳහා ගනු ලබන පියවරක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart