
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර සුප්‍රසිද්ධ විහාරස්ථානයක හිමිනමක් සතුව තිබූ අති දුර්ලභ පෞරාණික වාලම්පුරියක් රුපියල් කෝටි 30කට විකිණීමට තැත් කළ මූර්ති කැටයම් ශිල්පියෙක් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන බළකාය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට ආරක්ෂක අංශයක් විසින් මෙතෙක් සොයා ගන්නා ලද මිල අධිකම සහ දුර්ලභ වාලම්පුර්ය මෙය බව එම බළකාය සඳහන් කරයි.
එමෙන්ම මෙම වාලම්පුරිය අඩි 1 1/2ක් පමණ දිගකින් යුක්තය.
මෙම වාලම්පුරිය හොර රහසේ මූර්ති කැටයම් ශිල්පිකු මාර්ගයෙන් විකිණීමට උත්සාහ කරන බවට එම බළකායේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී ඇති අතර, ඒ අනුව එම ඒකකයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් මීරිගම ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ද දැනුවත් කර දින ගණනාවක් පුරා මෙහෙයුමක් සිදුකර ඇත.
ඒ අනුව වලාන දූෂණ මර්දන ඒකකය උපාය දූතයකු හරහා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම මූර්ති කැටයම් ශිල්පියා සම්බන්ධ කරගෙන තිබේ.
ඉන් අනතුරුව එම වාලම්පුරිය රුපියල් කෝටි 30කට මිලට ගැනීමට උපායදූතයා එකඟ වී ඇති අතර, එය මාලබේ ප්‍රදේශයට රැගෙනවිත් විකිණීමට උත්සාහ කිරීමේදී සෙසු නිලධාරීන් වාලම්පුරිය සමඟ මූර්ති කැටයම් ශිල්පියාද අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම වාලම්පුරිය මහනුවර විහාරස්ථානයක හිමිනමකට අයත් වූ බවට හෙළි වී ඇති අතර, නිලධාරීන් ඒ පිළිබඳ එම හිමිනමගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට නියමිතව තිබේ.
ඊයේ (17) රාත්‍රිය වනතුරු සැකකාර මූර්ති ශිල්පියාගෙන් ප්‍රශ්න කිරීම සිදුකර ඇති අතර, මෙම වාලම්පුරිය එම විහාරස්ථානයට ලැබුණේ කෙසේද යන්න මෙන්ම, එය විකුණන්නේ ඇයිදැයි පිළිබඳව ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමට විමර්ශන
නිලධාරීන්ගේ අදහස වී ඇත.(Mawbima)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart