
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොප් රජු මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව අදහාගත නොහැකි වාර්තා තබමින් ලොව මෙතෙක් බිහිවූ වැඩිම ආදායමක් ඉපැයූ චරිතාපදාන චිත්‍රපටය බවට පත්ව තිබෙනවා. ඇන්ටොයින් ෆුක්වා අධ්‍යක්ෂණය කළ ‘මයිකල්’ (Michael) චිත්‍රපටය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 977ක ආදායමක් උපයා ගනිමින්, 2025 වසරේ තිරගත වූ ‘ඔපන්හයිමර්’ චිත්‍රපටය (ඩොලර් මිලියන 975) පසුකර ගොස් තිබෙනවා. එමෙන්ම මෙය ලයන්ස්ගේට් සිනමා සමාගම ඉතිහාසයේ ලැබූ ඉහළම ආදායමයි.
චිත්‍රපටයේ මයිකල්ගේ චරිතයට පණ පොවන්නේ ඔහුගේම බේබදු බෑණනුවන් වන ජෆාර් ජැක්සන් වීම විශේෂත්වයක්. බිලී ජීන්, බීට් ඉට් සහ ත්‍රිලර් වැනි ලෝක පූජිත ගීතවලින් හැඩවුණු මෙම චිත්‍රපටය නැරඹීමෙන් පසු මයිකල්ගේ ගීත අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කිරීම 95%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබුවත්, මයිකල්ට එල්ල වූ ළමා අපචාර චෝදනා ගැන කිසිදු සඳහනක් මෙහි නෑ. චිත්‍රපටය අවසන් වන්නේ 1988 වසරෙන්, ඒ කියන්නේ මේ චෝදනා එළියට එන්න කළින්. අධ්‍යක්ෂවරයා මුලින් සැලසුම් කර තිබුණේ 1993 වසරේ මයිකල්ගේ නෙවර්ලන්ඩ් නිවස පොලිසිය විසින් වටළා ඔහුව නිරුවත් කර සෝදිසි කළ සිදුවීම පවා ඇතුළත් කිරීමටයි. ඒ දර්ශන රූගත කරත් තිබුණා.
ඒත් මැදදී ලොකු නීතිමය ගැටලුවක් ආවා. 1993දී මයිකල්ට චෝදනා කළ ජෝර්ඩන් චැන්ඩ්ලර් සහ ජැක්සන් පවුල අතර ඇති කරගත් රහසිගත උසාවියෙන් පිටත එකඟතාවක් අනුව, චැන්ඩ්ලර්ගේ කතාව කිසිදු නිර්මාණයකට ඇතුළත් කළ නොහැකි බව හෙළිවුණා. මේ නිසා රූගත කළ දර්ශන කපාදමා, ඩොලර් මිලියන 50ක අතිරේක වියදමකින් චිත්‍රපටය නැවත වෙනස් කිරීමට සිදුව තිබෙනවා.
මේ ‘මයිකල්’ රැල්ලට හැමෝම කැමති නෑ. මයිකල්ගේ සහෝදරිය වන සුපිරි තරුව ජැනට් ජැක්සන් තමන්ව මේ චිත්‍රපටයට ඇතුළත් කරනවාට අකමැති වී ඇති අතර ඇය චිත්‍රපටයේ කොහේවත් නෑ. මයිකල්ගේ දියණිය වන පැරිස් ජැක්සන් සමාජ මාධ්‍ය හරහා කියාසිටියේ තමන් පිටපතට දුන් උපදෙස් නිෂ්පාදකයන් ගණන් ගත්තේ නැති බවයි. ඇය පවසන්නේ මේ චිත්‍රපටය හැදුවේ මයිකල් ගැන ‘සුරංගනා කතාවක’ ජීවත් වන අය සතුටු කරන්න විතරක් බවයි. විචාරකයන් පවසන්නේ තරුණ පරම්පරාව ඉදිරියේ මයිකල්ගේ ප්‍රතිරූපය සුදු කිරීමට සත්‍ය තොරතුරු වසාදමා ඇති බවයි.
කෙසේවෙතත්, ලයන්ස්ගේට් සමාගම පවසන්නේ මයිකල්ගේ ජීවිතයේ ඉතිරි කොටස රැගත් තවත් චිත්‍රපටයක් ඉදිරියේදී එන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart