
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උප පොලිස් පරීක්ෂකවරයකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක මැර ප්‍රහාරයකට ලක්ව ගිරිබාව රජයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
පෙරේදා(14) රාත්‍රියේ ගිරිබාව පොලිස් වසමේ වන්නිකුඩාවැව ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර දෙපිරිසක් අතර ආරවුලක් ඇති වී තිබේ.
එම ආරවුල විසඳා නැවත පොලිස් පොලිස් ස්ථානයට යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී උපපොලිස් පරීක්ෂකවරයාට සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියට මෙලෙස පහර දී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
ආමි අජිත් සහ එළු රංජි නමැති පුද්ගලයන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට හඳුනාගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති අතර, එම සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart