
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා භාණ්ඩාගාර අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් සහ ඇමරිකානු තැපැල් බලධාරීන්ට ගෙවීමට තිබූ තවත් ඩොලර් 625,000ක මුදලක් සයිබර් තාක්ෂණය ඔස්සේ සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දේශීය බලධාරීන්ට සහාය වීමට ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසූ බව ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කරයි.
සොරකම් කරන ලද මෙම මුදල් ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය පද්ධතීන් හරහා, විශේෂයෙන්ම එරට ප්‍රාන්ත දෙකක පවතින විවිධ බැංකු ගිණුම් කිහිපයක් වෙත යොමුකර ඇති බවට අනාවරණය වීමත් සමඟ මෙම විමර්ශන අන්තර්ජාතික මට්ටම දක්වා දිවගොස් ඇත.
මේ වන විටත් ඇමරිකානු තානාපති කාර්යාල පරිශ්‍රය තුළ මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ වී ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) උසස් නිලධාරීන් සහ FBI නියෝජිතයන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවද හෙළි වී තිබේ.
අදාළ ෆෙඩරල් විමර්ශන කණ්ඩායම මේ වන විට ක්ෂේත්රයේ රැඳී සිටිමින්, සොරකම් කරන ලද මුදල් සංසරණය වූ ඩිජිටල් පියසටහන් (Digital footprint) ඔස්සේ විමර්ශනය කිරීමට CID නිලධාරීන් සමඟ එක්ව කටයුතු කරන බව එම නිලධාරියා පවසා ඇත.
මීට පෙර වාර්තා වූයේ, ඩොලර් මිලියන 2.5ක මුදල අතුරුදන් වීමට සම්බන්ධ හැකර්වරුන්ගේ (Hackers) අනන්‍යතාව සැඟවීම සඳහා උපකාරී වූ බව කියන සමාගමක් විමර්ශකයන් විසින් හඳුනාගෙන තිබූ බවයි.
විමර්ශකයන්ට අනුව, මෙම මුදල් සබැඳි ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සේවාවන් සපයන තෙවැනි පාර්ශවීය ආයතනයක් වන ‘බිස් සොලියුෂන්ස්’ (Biz Solutions) නැමති සමාගමක් හරහා යොමුකර ඇත. මෙම සමාගම ඇමරිකාවේ ඩෙලවෙයාර් (Delaware) ප්‍රාන්තයේ ලියාපදිංචි කර තිබූ එකකි.
මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (ERD) වෙත වන අතර, එහි නිල විද්‍යුත් තැපැල් (Email) සන්නිවේදන ජාලයන් වෙත අනවසරයෙන් ඇතුළු වීම (Unauthorized access) මඟින් මෙය සිදුකර තිබේ.
එමඟින් ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 22.9ක ද්විපාර්ශ්වික ණය වාරිකයකට අදාළ මුදල් හැකර්වරුන් විසින් වෙනත් අතකට හරවා ගෙන ඇති බවට සැකකෙරේ.
ණය පියවීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස ඕස්ට්‍රේලියානු බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට තිබූ ගෙවීම් වවුචර් (Payment vouchers) හයෙන් හතරක්ම හැකර්වරුන් තමන් වෙත හරවා ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සාපේක්ෂව ලිහිල් ව්‍යාපාරික රෙගුලාසි පැවතීම හේතුවෙන් සමාගම ලියාපදිංචි කිරීම සඳහා ඩෙලවෙයාර් ප්‍රාන්තය තෝරාගෙන තිබුණද, අවසාන ගනුදෙනු වවුචරයක් බැංකු රෙගුලාසි ඉතා දැඩි වෙනත් ඇමරිකානු ප්‍රාන්තයකට සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ.
ඇමරිකානු බලධාරීන් මෙම විමර්ශන සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදීමට පොරොන්දු වී ඇති අතර, මෙම වංචාවට සම්බන්ධ ඇමරිකාවේ වෙසෙන ඕනෑම සැකකරුවකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බවද ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත්, මෙලෙස දැඩි ඒකාබද්ධ උත්සාහයක් ක්‍රියාත්මක වුවද, මෙම මිලියන ගණනක මුදල් අවසාන වශයෙන් තැන්පත් වූ නිශ්චිත ගිණුම් හෝ ගනුදෙනු සිදු වූ නිවැරදි මාර්ගයන් මෙතෙක් ස්ථිරවම තහවුරු කර ගැනීමට විමර්ශකයන්ට නොහැකි වී ඇත.
මෙම මුදල් බැරවූයේ කුමන ගිණුමකටද නැතහොත් එය සිදුවූයේ කෙලෙසද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තහවුරු කිරීමක් සිදුව නොමැත.
මේ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් (Technical tools) සහ පූර්ණ සහයෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට FBI ආයතනය එකඟ වී ඇති බවද වැඩිදුරටත් අනාවරණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart