
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා සංචාරක තානාපතිවරයා ලෙස ද කටයුතු කරන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද “Glocal Fair 2023” වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා ඊයේ(16) යාපනයට ගියේය.
විදේශ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ මහ බැංකුවේ සහාය ඇතිව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන එක්කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ විය.
දින දෙකක් පුරා විදේශ රැකියා සහ ශ්‍රම ගැටලු සම්බන්ධ විවිධ තොරතුරු සහභාගිවන්නන් ලබාදීම මෙහිදී සිදුවිය.
සිය සංචාරය අතරතුරදී සනත් ජයසූරිය ඇමැති මනූෂ නානායක්කාර සමග යාපනයේ සිසුන් 500 කට වැඩි පිරිසකට පාසල් ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ උත්සවයකටද එක්විය.
දරුවන් අමතමින් සනත් ජයසූරිය ඔවුන් ක්‍රීඩාවට යොමු කිරීමට උනන්දු කළ අතර, උතුරේ ක්‍රීඩකයකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු දැකීම තම ආශාව බව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart