
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල කොටුව තුළ පිහිටි ‘අමන්ගල්ල’ ලොව හොඳම හෝටල් 50 අතරට ඇතුළත් වී තිබේ.
එම ලැයිස්තුවේ ඔවුන්ට හිමි වී ඇත්තේ 38 වැනි ස්ථානයයි.
දකුණු ආසියාතික රටවල් අතරින් මාලදිවයිනේ Soneva Fushi වෙත 7 වැනි ස්ථානයත්, Soneva Jani වෙත 36 වැනි ස්ථානයත් හිමිවූ අතර ඉන්දියාවේ අග්‍රා හි The Oberoi Amarvilas වෙත 45 වන ස්ථානය හිමිවිය.
ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානය හිමි වූයේ ඉතාලියේ කෝමෝ විල අසළ පිහිටි Passalacqua හෝටලයයි.
ප්‍රථම වරට ලෝකයේ හෝටල් ප්‍රජාව එකට එක් කරමින් ඔවුන් ඇගැයීමට ලක් කළ මෙම සම්මාන උළෙලේදී ලොව හොඳම හෝටල් ශ්‍රේණි ගත කර ඇත්තේ සංචාරකයන්ගේ අත්දැකීම්, ආගන්තුක සත්කාරය මෙන්ම ඒවායේ පිහිටීම ආදී නිර්ණායක කිහිපයක් පදනම් කර ගනිමිනි.
සංචාරකයන්ගේ මනාපය අනුව මාධ්‍ය ආයතන විසින් මින් පෙර ද මෙවැනි තේරීම් කර ඇතත් ලෝකයේ හෝටල් ප්‍රජාවම එක් වී සිදුකරන ලද පළමු ශ්‍රේණිගත කිරීම මෙයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart