
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය මත ණයවර ලිපි (LC) නිකුත් කිරීමේ දී ඇතිවන ගැටලු විසඳීම සඳහා වහාම මැදිහත් වන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ අන්තර්ජාතික වශයෙන් ඇති පිළිගැනීම සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීම සඳහා කටයුතු කිරීමට සූදානම් බවයි.
වාහන ආනයනය කරන්නන් සමග පැවැති සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව කියා සිටියේ ය.
එහි දී ආනයනකරුවන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් ණයවර ලිපි අන්තර්ජාතික වශයෙන් පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇති බවයි.
පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ ඇතුළු රථ වාහන කාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදුන්න ද ඒවා ආනයනය කිරීම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බව ඔවුහු පෙන්වාදෙති.
එහි දී ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු කණ්ඩායම් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.
අදාළ ණයවර ලිපි සඳහා රජයේ ඇපකර නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ සොයාබැලීමට කටයුතු කරන බව හෙතෙම පෙන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart