
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට සිටින විශාල ණය හිමියන් ලෙස ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් රටේ ණය පීඩාව අවම කිරීමට ආරම්භ කර ඇති ප්‍රයත්නයට එක්වීමට චීනයට ආරාධනා කර සිටින බව ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් සඳහන් කර ඇත.
ණය අවදානම්වලට මුහුණ දෙන රටවල් සඳහා සහන ක්‍රියාමාර්ග වේගවත් කරන ලෙස ඇය අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් (IMF) සහ ලෝක බැංකුවෙන් ද ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බැවින් දැනට සම්මත රාමුවලින් පිටත සිට වුවද ඉක්මන් පිළියම් ලබාදිය හැකි බව ඇය ඉන්දීය-ජපන් සංසදයේ සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, දැනට G-7 සභාපතිත්වය දරන ජපානය විසින් අර්බුදය විසඳීමට හැකි ඉක්මනින් පෙරමුණ ගත් බව ඇය පෙන්වා දී ඇත.
ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව සමඟ එක්ව ණය හිමියන්ගේ කණ්ඩායමේ කමිටුවක් විසින් ශ්‍රී ලංකාවේ ගැටලුව විසඳීමට පටන් ගෙන තිබෙන අතර, ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා ලෙස චීනය පමණක් ඊට මෙතෙක් සහයෝගය ලබාදී නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart