
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පතිවරයකු නොමැතිව පොලිස් දෙපාර්තමේන්තුවට සිය රාජකාරි ඉටු කිරීම ‘ඉතා දුෂ්කර’ වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ජුලි 24 වැනිදාය.
පොලිස්පතිවරයා ඉවත් කර නොමැති බවට අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සැළකිල්ලට ගනිමින් පොලිස්පතිවරයකු සිටීද යන්න පිළිබඳ මාධ්‍ය කළ විමසීමකදී මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ප්‍රකාශ කර ඇත්තේ ‘තත්ත්වය එලෙසම පවතිනවා’ යනුවෙනි.
තෙන්නකෝන් පොලිස්පති ලෙස පිළිගන්නවාද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “එයා ගෙදර ඉන්නවා. දැනට කිසිවකු නැහැ,” යනුවෙන් වන අතර පොලිස්පතිවරයකු නොමැතිව පොලිස් දෙපාර්තමේන්තුවට රාජකාරිය කරගෙන යෑම ඉතා දුෂ්කර බවයි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එය අනුමත කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය.
ඒ අනුව තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් නිකුත් කළේය.
තෙන්නකෝන්ට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනමේ කාලසීමාව සඳහා පොලිස්පති ධුරය සඳහා සුදුසු අයකු පත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියෝග කර තිබේ.
මෙම පසුබිම යටතේ වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයාට නීත්‍යනුකූල බලයක් නොමැති බව අගමැති ගුණවර්ධන පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළ අතර, දැනට එම ධුරය පුරප්පාඩු වී නොමැති බවද ප්‍රකාශ කළේය.
වත්මන් පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ලබා දී ඇති අනුමැතිය වෙනස් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.
කෙසේවෙතත්, පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම අනුව තෙන්නකෝන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පොලිස් මූලස්ථානයට ලිපියක් ඉදිරිපත් කර තිබේ.
පුරවැසියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තෙන්නකෝන් ඇතුළු පිරිසක් වැරදිකරු බවට පත් කළ මෑත කාලීන අධිකරණ තීන්දුව පෙන්වා දෙමින් එම ලිපියේ සඳහන් වූයේ තෙන්නකෝන් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට කැළලක් ඇති කර ඇති බවයි.
සිවිල් සංවිධානයක් වන ‘ජන අරගලයේ පුරවැසියෝ’ විසින් ඉදිරිපත් කරන ලද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පුරවැසියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පොලිස් නිලධාරියකු පොලිස්පති තනතුරේ තබා ගැනීම සඳහා මහජන මුදල් වියදම් කිරීම පිළිගත නොහැකි බවයි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart