
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාරියපොළ, වල්පළුව ප්‍රදේශයේ නිවසක ඇති වූ බව කියන ආරවුලක් මත 33 හැවිරිදි පුද්ගලයකු සිකුරාදා (27දා) මියගොස් සිටියදී සොයා ගෙන ඇත.
සොරකු එම ස්ථානයේ සිටින බවට ලද තොරතුරකට අනුව වාරියපොල පොලිසියට ප්‍රතිචාර දක්වා ඇතත්, එම ස්ථානයට පැමිණීමේදී එම පුද්ගලයා, ඒ වන විටත් මියගොස් ඇති බව සොයාගෙන තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ සුන්දරගම, අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකරුගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇත.
36 හැවිරිදි නිවෙස් හිමියා නිවසට පැමිණි අවස්ථාවේ මිටියකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය තහවුරු කරයි.
වාරියපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart