
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම් මිස, විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලයක අයකු විසින් සිදුකළා යැයි කියන හිරිහැර කිරීමේ සම්බන්ධයෙන් විමර්ශනය නොකරනු ඇති බව වාර්තා වේ.
ඒ, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ නිවසේ කාර්ය මණ්ඩලයට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් පසුගියදා වාර්තා විය.
“සේවකයින් එරට ආයතනවලට (බ්‍රිතාන්‍ය) පමණක් පැමිණිලි කර ඇති බැවින් තවමත් විමර්ශනයක් සිදු කර නැත,” යැයි විදේශ අමාත්‍යාංශයේ ජනමාධ්‍ය ප්‍රකාශක ඩේලි මෝර්නින් වෙත පවසා ඇත.
කෙසේවෙතත්, අදාළ පුද්ගලයන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අමාත්‍යංශය පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.
එම පාර්ශ්ව විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කළහොත් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද ජනමාධ්‍ය ප්‍රකාශක සඳහන් කර ඇත.
මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ නිවෙසේ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කර නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව කියන සේවකයකු පිළිබඳ වාර්තා අනුව ය.
රාජතාන්ත්‍රික මුක්තිය නිසා එක්සත් රාජධානියේ පොලිසිය අදාළ නිවසට ඇතුළු නොවූ බව වාර්තා විය.
කෙසේවෙතත් හදිසි විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් අදාළ සේවකයා ශ්‍රී ලංකාවට එවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart