
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමිල් මක්කල් විදුතලෙයි පුලිකල්පක්ෂයේ (TMVP) නායක, රාජ්‍ය ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්, 2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කරමින් මෑත කාලීන චැනල් 4 වාර්තා චිත්‍රපටයේ චෝදනා තිබියදීත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් නොකරන බව වාර්තා වේ.
එක්සත් රාජධානිය පදනම් කරගත් “චැනල් 4” සැප්තැම්බර් 5 වන දින “ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය” නමැති මතභේදාත්මක වාර්තා චිත්‍රපටය විකාශය කළ අතර, එහි 2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට චෝදනා ඇතුළත් වේ.
අදාළ වාර්තා චිත්‍රපටයේ පෙනී සිටිමින් TMVP හි හිටපු මාධ්‍ය ප්‍රකාශක අසාද් මවුලානා කියා සිටියේ ජාතික තව්හීද් ජමාත් (NTJ) නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නොහොත් සහරාන් හෂීම් සහ එවකට හමුදා බුද්ධි නිලධාරියා වූ, වත්මන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අතර හමුවක් සඳහා තමා පහසුකම් සැලසූ බවයි.
එම රැස්වීමට මවුලානා සහභාගි වූ බව කියන සිද්ධිය ත්‍රස්ත ප්‍රහාර සහ දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයට සහය දෙන TMVP අතර සම්බන්ධයක් ඇති කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගෙන් විමසා ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ TMVP හෝ එහි නායක චන්ද්‍රකාන්තන් සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සලකා බලන්නේදැයි යනුවෙනි.
ඊට ප්‍රතිචාර දක්වමින් කාරියවසම් පවසා ඇත්තේ, අදාළ වාර්තා චිත්‍රපටයේ අඩංගු චෝදනා පදනම් විරහිත බැවින් එවැනි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නොවන බවයි.
“ඇයි අපි ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්නේ? ඔහු අපේ සන්ධානයේ සිටින වෙනම දේශපාලන පක්ෂයක අයෙක්. ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට අයිතියක් නැහැ” යැයි මහ ලේකම්වරයා පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart