
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුවේදී සිදු වූ මාරාන්තික යතුරුපැදි අනතුරට ලක්වූ කන්ටේනර් රථයේ හිමිකරු පවසන්නේ, අනතුරින් මියගිය තරුණයන් දෙදෙනා එම මාර්ගයේ අධික වේගයෙන් යතුරුපැදි රේස් පදිමින් සිට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කන්ටේනර් හිමිකරු කියාසිටියේ, සිය සහායකයා මාර්ගයේ ගමනාගමනය නවත්වා පාර හිස් බව තහවුරු කර ගැනීමෙන් පසුව කන්ටේනරය හරවන ආකාරය CCTV දර්ශනවල සටහන්ව ඇති බවයි.
“අපි රථය හරවන්න පටන් ගන්නකොට පාරේ වාහන මුකුත් තිබුණේ නැහැ. අපේ ගෝලයා බැහැලා වාහන නැවැත්තුවා. සිද්ධ වුණේ මොකක්ද කියලා CCTV දර්ශනවල පැහැදිලිවම තියෙනවා” යැයි ඔහු පැවසීය.
හිමිකරුට අනුව, පැයට කිලෝමීටර 160 ත් 180 ත් අතර අධික වේගයකින් පැමිණි යතුරුපැදිය එකවරම මතුවී කන්ටේනර් රථයේ ගැටී ඇත.
“මේ යතුරුපැදි ආවේ අධික වේගයෙන්. බ්රේක් පාරක්වත් ගහගන්න ඉඩක් තිබුණේ නැහැ. ඇනුණු පාරට යතුරුපැදිය මීටර් 250ක් විතර ඇදීගෙන ගියා” යැයි ඔහු චෝදනා කළේය.
එමෙන්ම මෙම මාර්ග කොටසේ විශේෂයෙන්ම රාත්රී කාලයේදී මෙලෙස යතුරුපැදි රේස් පැදීම නිතර සිදුවන දෙයක් බවත්, ඒ පිළිබඳව මීට පෙරද පොලීසිය දැනුවත් කර තිබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
“හැමදාම හවසට සහ රෑට එයාලා මේ පාරේ රේස් පදිනවා. CCTV කැමරාවල ඒක සටහන් වෙලා තියෙනවා. පොලිසියට දැනුම් දුන්නත් පොලිස් නිලධාරීන් එනකොට එයාලා ඒ ප්රදේශයෙන් මාරුවෙලා ඉවරයි” යැයි ඔහු කීය.
කන්ටේනර් රථය නිසා මඟ නොපෙනී ගිය බවට කෙරෙන ප්රකාශ ප්රතික්ෂේප කළ හිමිකරු, මෙම මාර්ගය සෘජු එකක් වන අතර දෙපසටම මීටර් සිය ගණනක් දුර පැහැදිලිව පෙනෙන බව සඳහන් කළේය.
අනතුරින් පසු කන්ටේනර් රථයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඊට ප්රදේශවාසීන් නෙවෙයි පිටස්තර පුද්ගලයන් පිරිසක් සම්බන්ධ වූ බවයි.
“ගමේ අය අපිට උදව් කළා. නීතිය අතට අරන් වාහනයට හානි කරලා පස්සේ ගිනි තිබ්බේ පිටින් ආපු පිරිසක්” යැයි ඔහු පැවසීය.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ස්ථානයේ සිටියද, කන්ටේනර් රථයට එල්ල වූ ප්රහාරය වැළැක්වීමට ඔවුන්ට නොහැකි වූ බවද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
ජූලි 29 වන දින මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ බොලාවලන ප්රදේශයේදී කන්ටේනර් රථයක් පාර හරහා හරවන අවස්ථාවේදී යතුරුපැදියක් ඊට යටවීමෙන් මෙම අනතුර සිදු වූ අතර, යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
අනතුරෙන් පසු රථයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන තවදුරටත් ක්රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart