
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා මහත් ආන්දෝලනයට හේතු වූ අවිධිමත් ලෙස ලබා දුන් මත්පැන් හල් බලපත්‍ර සියල්ල වහාම අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ විශ්වසනීය ආරංචිමාර්ග උපුටා දක්වමින් ‘ඉරිදා මව්බිම’ සඳහන් කරයි.
මෙම බලපත්‍ර පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් කිහිපදෙනකු කැඳවා විමසා ඇති අතර, මෙලෙස ලබාදුන් බලපත්‍ර සංඛ්‍යාව සහ ඒවා ලබාගත්තේ කවුද යන්න පිළිබඳව පූර්ණ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙසද ඉල්ලා ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
මේ වනවිට අනාවරණය වී ඇත්තේ, පසුගිය ආණ්ඩුව සමයේ මැතිවරණය ඉලක්ක කොටගෙන මත්පැන්හල්
බලපත්‍ර 300කට ආසන්න සංඛ්‍යාවක් නිකුත්කර ඇති බවය.
ඊට පෙරද අවිධිමත් ලෙස ලබාදී ඇති මත්පැන්හල් බලපත්‍ර පිළිබඳවද සොයා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් රට පුරා මේ වන විට නව තැබෑරුම් විවිධ දේශපාලනඥයන්ගේද මැදිහත් වීම ඇතිව විවෘත කර තිබෙන බවත් අනාවරණය වේ.
මේ පිළිබඳව තොරතුරු අනාවරණය කළ ආරංචිමාර්ග සඳහන් කර ඇත්තේ, මෙම මත්පැන් බලපත්වලින් වැඩි සංඛ්‍යාවක් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඍජුව සහ වක්‍රව ලබාගෙන ඇති බවය.
මීට අමතරව රජයට අයවිය යුතු මෙතෙක් පැහැරහැර ඇති සුරාබදු කඩිනමින් අයකර ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බව මෙම ආරංචිමාර්ග සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart